Sunday, April 28, 2024

General line - 0115112241

තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුදු දහම ආවරණයක් කොට නොගන්න - අගමැතිගේ වෙසක් පණිවුඩය




අදට (29) යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

බුදු දහමටත්, බුසු සසුනටත් ගරු කරන දැහැමි ජනතාවක් ලෙස බුදුන් වහන්සේගේ පෙන්වා දුන් ධර්ම මාර්ගය තුළ කොතරම් දුරට ගමන් කරමින් සිටින්නේද යන්න සිතා බැලීමට මෙම වෙසක් උත්සවය කදිම අවස්ථාවක් බවයි එහි දැක්වෙන්නේ. 

චක්කවත්තී සීහනාද සූත‍්‍රයේ දැක්වෙන පරිදි යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දැඩි දුෂ්කරතා මධ්‍යයේ රජයක් ලෙස කටයුතු කරමින් සිටිනවා. තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුදු දහම ආවරණයක් කොට නොගෙන සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් බුදු දහම පිළිපැදීමට මෙම වෙසක් දිනයේ අදිටන් කර ගත යුතු බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය වෙසක් දින පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.