Friday, September 20, 2024

General line - 0115112241

බෞද්ධයන් සහ මහා සංඝරත්නය අභියෝගයන් ජය ගනු ඇති - හිටපු ජනපතිගේ වෙසක් පණිවුඩය




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ලාංකේය සංස්කෘතියේ පදනම, ශක්තිය, ජිවනාලිය වන්නේ බුදු දහම බවයි ඔහු සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ.

අතීතයේ සිටම අප රටත්, ජනතාවත් නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දුන්නද ඒවා හමුවේ නොසැලී සිටීමට බුදු දහමේ ආභාෂයෙන් ලද ශක්තිය හේතුවී තිබෙනවා. පිරිසිදු ථෙරවාද බුදුදහම පවතින රටක් වුවද වර්තමානයේ දුෂ්ඨ බලවේග අතින් පෙර නොවූ විරූ අන්දමින් මහා සංඝරත්නය  අභියෝගයන්ට, පීඩනයට ලක්වෙමින් සිටින බවක් පෙනෙනන්ට තිබීම පිළිබඳ කණගාටු වන බවයි හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීමට උද්ඝෝෂණ පවා වර්තමානයේ සිදු කෙරෙනවා. රටේ ඉතිහාසය පුරාම මෙවන් අභියෝග ජයගත් ආකාරයට මෙරට බෞද්ධයන් සහ මහා සංඝරත්නය මෙම අභියෝගයද ජය ගනු ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සිය වෙසක් පණිවුඩය මගින් පෙන්වා දී ඇත්තේ.