Sunday, April 28, 2024

General line - 0115112241

හිටපු ජනපතිනී සහ කතානායකවරයාගේ වෙසක් දින පණිවුඩය




හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද වෙසක් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධාර්මික ඉගැන්වීම් පසෙක ලා පටු පෞද්ගලික අභිමතාතර්ථයන් මුදුන්පත් රක ගැනීමේ අදහසින් වෛරයත්, ද්වේෂයත් පතුරුවන පිරිසක් අද කාලයේ දක්නට ඇති බවයි.

------------- 

කතානායක කරු ජයසුරිය මහතාද වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

බුදුන් වහන්සේ පැතිරවූ සමබර සාධාරණ මෛතී‍්‍ර සහගත චින්තනය ජීවිත ආදර්ශය කොට ගනිමින් සාමය සමගිය සහ මානව දයාව පිරි සමාජයක් ගොඩ නැගීමට වෙසක් පොහෝ දිනය පදනම සකසන බවයි කථානායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.