Monday, April 29, 2024

General line - 0115112241

කාලගුණය අයහපත් - හපුතලේ බෙරගල මාර්ගයේ කිලෝමීටර් 25ක් ගැනත් අනතුරු ඇඟවෙයි

සමන් පාලිත / ලහිරු කපුගේ




පවතින වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර, ඇහැළියගොඩ, ඇළපාත සහ කුරුවිට ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

උඩවලව ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කර ඇති බැවින් පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර හල්දුම්මුල්ල ගිනිගත්ගල මාර්ගයට සහ බෙරගල මන්තැන්න මාර්ගයට පස්කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර හපුතලේ, බෙරගල දක්වා වූ කිලෝ 25ක ප‍්‍රදේශයේ සහ ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් පෙරළීමේ අවධානමක් මතුව ඇති බවද වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමිසිලිමත්ව රිය ධාවනය කරන ලෙයසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

තවද අද දිනයේද ප‍්‍රදේශ රැසකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ තරමක තද වැසිද අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.