Monday, April 29, 2024

General line - 0115112241

වෙසක් නිසා කොළඹ මාර්ගවල ධාවන සැලැස්ම වෙනස් වේ - කොළඹ එන වාහන ගාල් කරන ස්ථානත් නම් කරයි




කොළඹ සහ අවට ප‍්‍රදේශවල අද (29) සහ හෙට (30) විශේෂ ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා.

ඒ වෙසක් පොහොය නිමිත්තෙන් සිදු කෙරෙන විවිද සැරසිලි සහ කි‍්‍රයාකාරකම් හේතුවෙන්.

ඒ අනුව අද සහ හෙට යන දෙදින තුළ  රාති‍්‍ර 07.00න් පසු ඇතැම් මාර්ග වසා දැමීමට හෝ එම මාර්ගවල වාහන ධාවනය සීමා කිරිමට වරින් වර කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ.

කොම්පඤ්ඤවීදිය - ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත, ශී‍්‍ර උත්තරානන්ද මාවත, බේබෲක් පෙදෙස, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත එලෙස වසා දැමෙන හෝ වාහන ධාවනය සීමා කෙරෙන මාර්ග කිහිපයක්. එවැනි අවස්ථාවලදි රියදුරන්ට විකල්ප මාර්ග පෙන්වා දීමට පොලිස් නිලධාරින් විශේෂ රාජකාරීන්හි යෙදවීමටද සැලසුම් කර තිබෙනවා. 

මීට අමතරව වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන වාහන ගාල් කිරීම සඳහාද ස්ථාන කිහිපයක් වෙන් කර ඇතැයි පොලීසිය සඳහන් කළා. ඒ අනුව කොම්පඤ්ඤවීදිය, කුරුඳුවත්ත, කොල්ලූපිටිය, කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල හා ග‍්‍රෑන්ඞ්පාස් යන ප‍්‍රදේශවල මෙලෙස රථ වාහන ගාල් කිරීමේ පහසුකම් සලසා ඇති බවයි පොලීසිය පැවසුවේ.