Monday, April 29, 2024

General line - 0115112241

ජනපති පැමිණි උත්සවයට රහසේ පැමිණි අයෙක් අල්ලයි - සැකකරුගේ පෙර වැරදිත් හෙළි වෙයි

ජූඩ් සමන්ත




ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ ඊයේ (28) පැවැති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ උත්සව කටයුතුවලට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජනාධිපති ආරක්ෂක අංශ විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරියෙකු විසින් ජනාධිපති ආරක්ෂක අංශයට ලබා දුන් තොරතුරක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ මීට පෙර පැවැති උත්සවයකටද සැකකරු කතුරක් රැගෙන ඇතුළුවීමට උත්සහ කළ අයෙක් බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කොළඹ සිට තමන් බිංගිරියට පැමිණි හේතුව සැකකරු මෙතෙක් පොලීසියට හෙළි කර නැහැ.