Friday, September 20, 2024

General line - 0115112241

වෙසක් සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා




වෙසක් සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට (30) දිනයේ උදෑසන 04යි 40ට මරදාන සිට දකුණු කලූතර දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර ඇති බවයි.

හෙට අලූයම 01ට මරදාන දුම්රිය ස්ථානයෙන් අලූත්ගම දක්වා තවත් දුම්රියක් ධාවනයට එක් කර තිබෙනවා. ඊට අමතරව හෙට දහවල් 12යි 25ට වේයන්ගොඩ සිට දකුණු කලූතර දක්වාත්, රාති‍්‍ර 08යි 30 අලූත්ගම සිට මරදාන දක්වාත් විශේෂ දුම්රියන් දෙකක් ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.