Friday, September 20, 2024

General line - 0115112241

වෙසක් පොහොය වෙනුවෙන් ගලේවෙල ගොවියෙකුගෙන් වට්ටක්කා දන්සලක් (PHOTOS)

කාන්චන කුමාර




වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ගලේවෙල මකුළුගස්වැව ප‍්‍රදේශයේ ගොවියෙකු අද (29) වට්ටක්කා දන්සලක් ලබාදී තිබෙනවා. ඒ ගලේවෙල - කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදීයි.

අක්කර 5ක භූමි ප‍්‍රදේශයක් තුළ වගාකර තිබූ වට්ටක්කා අස්වැන්න ඔහු විසින් මෙලෙස බෙදා දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. රුපියල් ලක්ෂ 5ක මුදලක් වැයකොට තමන් මෙම වට්ටක්කා වගාව සිදුකලද නිසි මිළකට අලෙවි නොවීම හේතුවෙන් මෙලෙස සිය අස්වැන්න වන්දනාවේ පැමිණෙන ජනතාවට බෙදාදුන් බව ඔහු කියා සිටියා.