Friday, September 20, 2024

General line - 0115112241

කොස්තාපල් පියා මැරූ පුතුන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ




පොලිස් කොස්තාපල්වරයෙකු වූ සිය පියාට පහරදී ඝාතනය කළ බවට සැක කරන පුතුන් දෙදෙනෙකු සොයා කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි වියේ පසු වූ අයෙක්. ඉකුත් සිකුරාදා පුතුන් දෙදෙනා සමග ඇති වූ ආරවුලකින් පසුව ඔහු පහරකෑමට ලක්ව ඇතැයි මූලික පරීක්ෂණයේදී අනාවරණ වුණා.

පසුව රෝහල් ගත වී ඇති පියා පවසා ඇත්තේ යතුරු පැදි අනතුරක් හේතුවෙන් තමන් තුවාල ලැබූ බවයි. ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පැමිණීමෙන් පසු යළි රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී ජීවිතක්ෂයට පත් වූ කොස්තාපල්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ හිසට වැදුනු තදබල පහරක් හේතුවෙන් ශරීර අභ්‍යන්තරයට රුධිර වහනය වී මරණය සිදුව ඇති බවයි.

ඒ අනුවයි කැබිතිගොල්ලෑව පොලීසිය පහරදුන් බවට සැක කෙරෙන පුතුන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.