Friday, September 20, 2024

General line - 0115112241

වෙසක් සිරියෙන් රටම බැබලෙයි

හර්ෂිකා සංජිවනි




වෙසක් අපුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්තානවල විවිධ පින්කම් පැවැත්වෙනවා. ආමිස හා ප‍්‍රතිපත්ති පුජාවන්ට මුල්තැනක් ලබා දෙමින් පැවැත්වෙන එම පින්කම් සදහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 


අද (29) පෙරවරුවේ කොළඹ හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ තරමක සන්සුන් බවක් දක්නට ලැබුනද මේවන විට ජනතාව විශාල වශයෙන් වෙසක් සිරි නැරඹීමට පැමිණෙමින් සිටිනවා. කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ වෙසක් පිංකම් සම්බන්ධයෙන් සොයා බැලීමට නෙත් නිවුස් අද උදෑසන සිට ක්ෂේත‍්‍ර චාරිකාවල නිරත වුණා. 


වෙසක් සිරි නැරඹිමට විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණෙන බවයි අප නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සඳහන් කලේ. මෙවරද කොළඹ නගරයේ ස්ථාන රැසකම තොරණ,  පහන් කුඩු සහ වෙසක් කලාප ඉදිකර ඇති බව සඳහන් කලේ. එමෙන්ම වෙසක් සිරි නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් විශාල සංඛ්‍යාවක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කලේ.

මේ අතර වෙසක් පුර  පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් කළුතර බෝ සමිදුන් අභියසදීද අද පිංකම් රැසක් පැවැත්වුණා. අප කළුතර නෙත් නවුස් වාර්තාකරු පැවසුවේ දිනය පුරා පැවති ආගමික වතාවත් වල දීම සඳහා විශාල ජනතාවක් අද දිනය පුරා ප්‍රදේශයේ වෙහෙර විහාරස්තාන කරා පැමිණි බවයි.

මහනුවර දිස්ත‍්‍රික්කයේ වෙසක් පිංකම් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කල බවයි මහනුවර නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. අද උදැසන සිට විශාල ජනතාවක් මහනුවර දළදා මාළිගාවේ පැවති ආගමික වතාවත් වලට එකතුවූ බවත් මහනුවර නගරය පුරා වෙසක් සිරියෙන් පිරි පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ. 

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පොළොන්නරුව සොලොස්මස් තාන ආශ‍්‍රිතවද විවිධ පිංකම් සංවිධාන කර ඇති බවයි අප පොළොන්නරු නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දඹුල්ල ප්‍රදේශයේ වෙහර විහාරස්ථාන මුල් කර ගනිමින් බැතිමතුන් අද දිනයේදී ආගමික වතාවත් වල නිරතවූ අතර ප්‍රදේශයේ මුස්ලිම් හා කතෝලික බැතිමතුන් විසින් දන්සල් ද සංවිධානය කල තිබු බවයි අප නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර සඳහන් කලේ.