Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිට ඇති වගකීමක් අමරවීර හෙලි කරයි

දිල්ශාන් තුෂාර




රට ස්ථාවර කිරීම සදහා ජනාධිපතිවරයාට මේ මොහොතේ විශාල වගකීමක් පැවරී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණයකදී ද ගැටළු ඇතිවනු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුලද යම් ගැටළු පවතින බවත්, පොදුජන පෙරමුණේ පවතින අර්බුධයන් පිටතට අනාවරණය නොවන බවයි ඔහු සඳහන් කලේ.

මෙම තත්ත්වය මත ඉදිරි ජනාධිපතිවරණයකදී, ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට අවශ්‍ය කරන 50% ක ජන්ද ප්‍රතිශතය පෙන්වීමට දේශපාලන පක්ෂ වලට අපහසු වන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී ජනාධිපතිවරයාට විශාල වගකීමක් පැවරී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

යොජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන සදුදා (30) සිදුකිරීමට නියමිත බවත් එහිදී පක්ෂය ගැන නොසිතා රටක් ලෙස ඉදිරියට කටයුතු කිරීමට සියලු දෙනා එක්වීම අවශ්‍ය බවයි මෙහිදී අමාත්‍යවරයා සඳහන් කලේ.

අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියා සිටියේ හම්බන්තොටදී උත්සවයකට එක් වෙමින්.