Friday, September 20, 2024

General line - 0115112241

සෞඛ්‍යට අහිතකර දන්සැල් කිහිපයකට සීල් තබයි

හර්ෂිකා සංජිවනි




මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් අද (29) පස්වරු 4පමණ වනවිට දන්සැල් 2130ක් පමණ පරික්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී ප‍්‍රමිතියෙන් තොර ආහාර සහ පාන වර්ග භාවිත කළ දන්සැල් කිහිපයක් තහනම් කිරීමටද පියවර ගත් බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ.

කෘමි සතුන්ගේ හානියට ලක්වූ කඩල සහ කවුපි යොදා ගනිමින් පැවැත්වීමට කටයුතු කල දන්සැල් 4 ක් හා භාවිතයට නුසුදුසු පලතුරු යුෂ යොදා ගනිමින් පැවැත්වූ සිසිල් බිම දන්සලක්ද තහනම් කල බවත්, මෙරට පවතින ආහාර ගබඩා කිරීමේ නීතියට පරිභාහිරව කටයුතු කල වාරියපොළ සහ කුරුණෑගල ප්‍රදේශයේ දන්සල් 03 ක්ද තහනම් කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කරුණු පැහැදිලි කරමින් කියා සිටියා.

වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු අනිද්දා (01) දක්වා සිදුකරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.