Saturday, September 21, 2024

General line - 0115112241

සිරිපා කරුණාව අවසන් කරන පෙරහැර ඇරඹේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ශී‍්‍ර පාද වන්දනා සමය අවසන් කරමින් උඩමළුවේ සිට වැඩම කරවූ සධාතුක කරඩුව, දේව ප‍්‍රතිමාව හා දේවාභරණ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා අද (30)  වැඩම කළා. ඒ, උඩමළුවේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුවයි. හෙට (01) පස්වරු 3 දක්වා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන සධාතුක කරඩුව, දේව ප‍්‍රතිමාව හා දේවාභරණ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි. 

මෙවර ශී‍්‍ර පාද වන්දනා සමය පිළිබද අදහස් දක්වමින් ශී‍්‍ර පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවේ ශී‍්‍ර පාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස සිදුවූ බවයි. ශී‍්‍ර පාද පරිසර පද්ධතිය සැලකිය යුතු ආකාරයකින් රැක ගැනීමට මෙවර හැකි වූ බව උන්වහන්සේ පැවසුවා. එමෙන්ම අවාරයේදී ශී‍්‍ර පාදය කරුණා නොකරන ලෙසටත් එසේ ශී‍්‍ර පාදය කරුණා කරන්නේ නම් ඒ සදහා අදාළ අංශවලින් අවසරය ලබාගන්නා ලෙසටත් මෙහිදී සිහිපත් කෙරුණා.