Friday, September 20, 2024

General line - 0115112241

ත්‍රීරෝද ගාස්තු වැඩි කරන්නට සිද්ධ වන හේතුව

දිල්ෂාන් තුෂාර




පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150ට වඩා වැඩි වන්නේ නම් ත‍්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බවයි සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පැවසුවේ. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ රජය ගනු ලබන තීරණයන්ට අනුව තමන් කටයුතු කරන බවයි.

සාමාන්‍ය වෙනස්වීම් සම්බන්ධයෙන් තමන් ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බවත්  පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150ට වඩා ඉහළ යන අවස්ථාවක තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.