Saturday, September 21, 2024

General line - 0115112241

කාන්තාවන්ට පහරදුන් සිද්ධියේ උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් (UPDATE)




එප්පාවල, ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ දී ගම්වාසින් පිරිසකට පහර දීමේ සිද්ධියට එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය  අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරනවා.

මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරික්ෂක ආර්.එම්.අබේවර්ධන යන අය ගෙයි.

...............................................................................................................................................................................

කාන්තාවන්ට පහරදුන් පොලීස් නිලධාරින්ට විනය පරීක්ෂණ (30-04-2018 09:39)

එප්පාවල නල්ලමුදාව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථානයේදී ප‍්‍රදේශවාසීන් පිරිසකට පහරදුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර උපදෙස් ලබා දී තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ උතුරුමැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතයි.

නල්ලමුදාව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථානයේ හිමිනමක් සමග එම ප‍්‍රදේශයේ වැසියන් කිහිපදෙනෙකු පෙරේදා යම් ආරවුලක් ඇතිකරගෙන තිබුණා. එහිදී නොසන්සුන්කාරීව හැසිරුණු ගම්වාසීන්ට අදාළ පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.