Saturday, September 21, 2024

General line - 0115112241

හෙට කැබිනට් සංශෝධනයට පෙර ජනපති අගමැති හමුවෙයි (PHOTOS)




එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මාමන්ඩිය වන වයඹ පළාත් හිටපු අමාත්‍ය  බි.එම්.විජේනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද (30) පස්වරුවේ පැමිණියා.

ඒ සමග එක්සත් ජාතික පක්ෂයේ සහ වෙනත් පක්ෂවල මැති ඇමැතිවරුන් රැසක් ද දේහයට අද (30) අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වුණා.

 ඊයේ  (29) උදෑසන අභාවප්‍රාප්ත වන විට  79 වනවියේ පසු වූ විජේනායක මහතා ඉබ්බාගමුව ගම් සභාවේ සභාපතිවරයා ලෙසත් හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා .

ඒ මහතාගේ දේහය  කුරුණෑගල නොයෙල් සෙනෙවිරත්න මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය සඳහා අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද (30) පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.

කෙසේ වෙතත් හෙට  පෙරවරු 9.30ට රජයේ කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිතව ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. ඊට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අද (30) පෙරවරුවේ හමුවුණේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මාමන්ඩිය වන වයඹ පළාත් හිටපු අමාත්‍ය  බි.එම්.විජේනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේ දීයි.