Saturday, January 11, 2025

General line - 0115112241

කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට

හේමන්ත කහවලගේ




කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (01) පෙරවරු 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුවනු ඇති. ජනාධිපතිවරයා ඉකුත්දා ප‍්‍රකාශ කළේ නව ඇමති මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දෙනු ඇති බවයි. 

නව කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් බෙදා දීමේදී විද්‍යාත්මක පදනමක් යටතේ එය සිදුකරන බවට දැනටමත් ප‍්‍රකාශ වී අවසන්. කැබිනට් සංශෝධනය පිළිබද මීට පෙර තොරතුරු වාර්ත වී තිබුණත් එය සිදුවීම වරින්වර කල් ගියා. ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් හය දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වන්නේද ඒ අතුරතුරයි.