Saturday, September 21, 2024

General line - 0115112241

බස් රථයක් ප්‍රපාතයට පෙරළෙයි : පුද්ගලයින් 32 නෙක් රෝහලේ




කටුගස්තොට - කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලගෙදර, මඩවල ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළී අද පස්වරුවේ අනතුරක් සිදුවුණා. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 32 ක්.

 ඔවුන් මහනුවර සහ අවට රෝහල්වලට ඇතුළත් කෙරුණා. වන්දනා නඩයක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ. ගලගෙදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.