Friday, September 20, 2024

General line - 0115112241

නීති විරෝධීව ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් තොගයක් මීගමුවෙන් සොයා ගැනේ




බලපත‍්‍ර කොන්දේසි උල්ලංගණය කරමින් නීති විරෝධීව ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් තොගයක් මීගමුව ප‍්‍රදේශයෙන් අද (24) සොයා ගැනුනා. ඒ මීගමුව ප‍්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින්.

කෙසේ වෙතත් සොයා ගත් වෙඩි බෙහෙත් තොගයේ බර සහ එහි වටිනාකම මෙතෙක් ගණනය කර නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.