Saturday, September 21, 2024

General line - 0115112241

නර්තන ගුරුවරියක් ආවා කල්ලියෙන් පහර කයි

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනයේ කි‍්‍රයාත්මක ආවා කල්ලිය විසින් සිදුකළ බවට සැකකෙරෙන තියුණු ආයුධ වලින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. සිද්ධිය වාර්තා වන්නේ යාපනය කොකුවිල් ප‍්‍රදේශයෙන්.

එහිදී පහරකෑමට ලක්වූයේ නර්තන ගුරුවරියක්. යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු ඇගේ නිවසේදීම තියුණු ආයුධවලින් පහර දී තිබුණා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ගුරුවරිය ප‍්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණේ යාපනය ශික්ෂණ රෝහලටයි. පහරදීමට පැමිණි තරුණයින් කවුරුන්දැයි සීසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් සොයා ගත් බව යාපනය පොලීසිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා