Saturday, April 27, 2024

General line - 0115112241

අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපතිවරයා රිමාන්ඩ් (UPDATE)




අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පි. දිසානායක ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකොට තිබෙනවා.

------------------------------------------

අල්ලස් ගත් ජනාධිපති  කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපතිවරයා අත්අඩංගුවට

03-05-2018 19:10

අල්ලස් චෝදනා මත ආණ්ඩුවේ තනතුරු දරන නිලධාරීන් දෙදෙනකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පි. දිසානායක යන දෙදෙනාය.

රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබෙනවා.