Sunday, April 28, 2024

General line - 0115112241

ඓතිහාසික ඇෆ්ගනිස්ථාන් ටෙස්ට් තරගය ඉන්දියානු සුපිරි ක්‍රීඩකයාට අහිමි වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන් 




ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි එළඹෙන එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී " සරේ" කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතව තිබෙනවා.

මෙහිදී විරාත් කෝලි සිවුදින තරග 04 කට හා එක්දින තරග 03 කට සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජුනි මාසයේදී පැවැත්වෙන මෙම තරග සදහා පමණක් සරේ ප්‍රාන්ත කණ්ඩායමට විරාත් කොලිගේ සහය ලැබෙන බවයි එම ක්‍රීඩා සමාජය නිවේදනය කරන්නේ.

එයට හේතුව වන්නේ අගෝස්තු මස 01 වෙනිදා සිට ආරම්භ වන ඉන්දියාවේ එංගලන්ත සංචාරයයි.

තමන්ට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එකතු වීමට ලද මෙම අවස්ථාව ගැන සතුටු වන බවත්, ඉන්දියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයට පෙර ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට තමන් සුදානම් බව විරාත් කෝලි සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය ජුනි මාසයේදී ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතයි. ප්‍රාන්ත තරගාවලියට සහභාගිවීම නිසා ඇෆ්ගනිස්ථානය සමග තරගයට විරාත් කෝලි සහභාගී නොවනු ඇත.