Sunday, April 28, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් නිසා ශී‍්‍ර ලංකා තේ ඉදිරියේ ගැටළු රැසක්

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




ලෝක වෙළද පොලේ ශී‍්‍ර ලංකා තේ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට කිසිදු රසායනික ද්‍රව්‍යයකින් පිළිතුරක් ලබාදිය නොහැකි බව විද්වතුන් පෙන්වා දෙනවා. පරිසර ආර්ථික විද්‍යාව පිළිබද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වන පියසේන අබේගුණවර්ධන පෙන්වා දුන්නේ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමෙන් මෙරට තේ කර්මාන්තයට ඉදිරියේදී තවත් ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන බවයි. 

එම් සී පී ඒ රසායනිකය වෙනුවට ග්ලයිෆොසෙට් යෙදිම මගින් ඉදිරියේදී මෙරට තේවල ග්ලයිෆොසෙට් අන්තර්ගත විය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන පෙන්වාදුන්නේ MPCA රසායනිකයට වඩා ග්ලයිෆොසෙට් අවශෝශනය කර ගැනීමේ වැඩි හැකියාවක් තේ ශාකයට ඇති බවයි. එබැවින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමෙන් ඇත්මුන් මතුකරන ගැටලූවට විසදුම් නොලැබෙන බවද ඔහු පෙන්වා දුන්නා.

ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පෙර ඒවා තේ වගාවට යොදන කාලවල තේ මිලදී ගන්නා රටවලින් මෙවැනි ගැටලූ මතුව ඇත්දැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා. "

ජපානය සහ රුසියාව අනතුරු අඟවල තියෙනව ලංකාවෙන් එන තේවල ග්ලයිෆොසෙට් තියෙනව කියල. මෙය පාලනය නොකොළොත් තේ මිලදී ගැනීම නවතා දමනව කියල. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. මොකද ග්ලිෆොසෙට් පිළිකාකාරකයක් ලෙස හඳුනගෙන තියෙන නිසා. අපිට ග්ලිෆොසෙට් නොමැති තේ වෙළඳ පොළට යැවීමේ ස්වර්ණමය අවස්ථාව මේ නිසා නැතිකරගෙන තිබෙනවා. මේ හේතුවෙන් අනාගතයේදී විශාල ආර්ථික පාඩු සිදුවන්න පුළුවන්." 

ලෝක වෙළද පොලේ ප‍්‍රධාන තේ සැපයුම්කරුවන් රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.

"ශ්‍රී ලංකාව ඇරුණාම ලෝකයේ තේ වෙළඳ පොළෙහි ඉදිරියෙන්ම ඉන්න අනෙක් රටවල් තුන තමයි ඉන්දියාව කෙන්යාව සහ වියට්නාමය. ඔවුන් තමන්ගේ තේ සඳහා ග්ලයිෆොසෙට් යෙදීමේදී දැඩි නීති රීති යොදල තියෙනව. ඒ ගැන පර්යේෂණ පවත්වනවා. ඒත් අපේ රටේ ග්ලිෆොසෙට් තියෙනවද නැද්ද කියල බලාගන්නවත් පහසුකමක් නැහැ."