Saturday, April 27, 2024

General line - 0115112241

රුපියල බාල්දුවීම වළකන්න මහ බැංකුවට බැහැ

සමන්ත කුමාර




ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ යාම පාලනය කිරීමට මහ බැංකුවට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය සතියේ ප‍්‍රකාශ කලේ රුපියලේ අගය තවදුරටත් පහත වැටුනහොත් එය පාලනය කිරීමට මැදිහත් වීමට මහ බැංකුවට සිදුවන බවයි.

මේ අතර ඩොලරය ඉදිරියේ රුපියලේ අගය 159.03 දක්වා ඊයේ (03) දිනයේදී පහත වැටුනා.