Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා ඉන්දියානුවාගෙන් ඉල්ලූ අල්ලස කෝටි 54ක්! ගනුදෙනුව මෙන්න

කසුන් කැලුම්




අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැණුනු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ආචාර්ය අයි. එච් කේ.මහානාමගේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායකගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ කිසිදු බලපෑමකින් තොරව ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.  නීතිය ක‍්‍රියාත්මක කිරීමේ වගකීම් දරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම සදහා වර්තමාන රජයේ ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. 

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සූත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබාදීමට පෞද්ගලික සමාගමගකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි දෙකක් ලබා ගත් බවට මෙම පුද්ගලයින් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

මොවුන්ට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින්.