Saturday, September 21, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ රැසක් උණුසුම් - අවධානයෙන් පසුවන්න

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප‍්‍රදේශවලට අද දිනයේ උණුසුම් කාලගුණයක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පොළොන්නරුව, අනුරාධපුරය, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත‍්‍රික්කවල ජනතාව ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. පේමලාල් පැවසුවේ.

ඉදිරි දින කිහිපයේදී නිරිතදිග මෝසම් වැසි ලැබීමත් සමග මෙම උණුසුම් තත්ත්වය පහව යනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

උණුසුම් කාලගුණයක් පවතින සමයකදී වැඩි වශයෙන් ජලය පානය කිරීම වැදගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දෙන්නේ.