Thursday, May 2, 2024

General line - 0115112241

පදක්කම් හඹා යන ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා පොඩ්ඩන් අදුරේ

කසුන් කැලුම්




3 වන දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී අද (05) ආරම්භ වනවා. සුගතදාස කී‍්‍රඩාංගණයේ ධාවනය පථය අලූතින් එලීමෙන් පසු පැවැත්වෙන පළමු අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගාවලියද මෙයයි. රටවල් 7ක සහාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 84 දෙනෙකු සහභාගි වනවා. මෙවර තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 10ක් පමණ දිනා ගැනීමට අවස්ථාව තිබෙන බවයි  ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

දකුණු ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මෙවර කටයුතු කරන්නේ කටයුතු කරන්නේ අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශනයි. 

මේ අතර මෙම තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊයේ දිනයේ දැඩි අපහසුතාවකට පත්වීමේ පුවතක් නෙත් ස්පෝර්ට්ත්මන් වෙත වාර්තා වුණා. මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නේවාසික පහසුකම් ලබා දී ඇති ටොරිංග්ටන් හි පිහිටි නේවාසිකාගාරයේ ජලය සහ විදුලිය විසන්ධි වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවකට පත් වූ බවයි වාර්තා වුණේ. උදෑසන 8 යි 30 සිට මධ්‍යම රාති‍්‍රය දක්වා කී‍්‍රඩක නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි වී  තිබෙනවා. 

මේ හේතුවෙන් ජල පහසුකම්ද නොමැති වූ බවයි එහි නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. අද ආරම්භ වන දකුණුු ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාලියට හොද සූදානමකින් සිටි ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඊයේ සිදු වූ මෙම සිදුවීම මානසික වශයෙන්ද පීඩාවක් ගෙනදුන් බවයි ඔවුන්ගේ පුහුණුකරුවන් පැවසුවේ. මෙම සිදුවීම පිළිබදව නෙත් ස්පොර්ට්ස්මන් කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ කී‍්‍රඩක නේවාසිකාගාර අසල පිහිටි ගොඩනැගිල්ලක් සදහා විදුලි පහසුකම් ලබාදීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ මෙලෙස විදුලි විසන්ධි කර ඇති බවයි. පසුව තමන් මේ පිළිබද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියටද දැන්වූ බවත් ඔහු කී‍්‍රඩක නේවාසිකාගාරයට විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. 

ඊයේ රාති‍්‍රය වෙන තෙක්ම විදුලිය නොමැති වීම නිසා දකුණු ආසියානු මලල කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියට එක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කොළඹ හෝටලයක නවාතැන් පහසුකම් ලබාදීමට පියවර ගත් බවයි කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියේ.