Saturday, May 18, 2024

General line - 0115112241

"දුටු ගැමුණු එළාර යුද සමයේ බැලුම්ගල" ඩෝසර් කර විනාශ කරලා (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




 නිවාස සංවර්ධන අධිකාරිය විසින්  නව ගම්මානයක් ඉදිකිරීම සඳහා බව පවසමින් අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  පූගොල්ලාගම බැලුම්ගල නැමති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් යන්ත්‍ර සූත්‍ර දමා වීනාශ කර ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

විජිතපුර ඓතිහාසික පූජා භූමියට යාබදව පිහිටි  පුගොල්ලාගම බැලුම්ගල නැමැති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිහිටි භූමිභාගයේ තිබූ කොරවක් ගල් ඉපැරණි ගරාවැටුණු චෛත්‍යය ගල් කණු මල් ආසන ගල් ඇඳන් සදකඩ පහන මුරගල්  ඉපැරණි ගොඩනැගිලි වල කැබලි සියල්ල යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කොට අක්කර 15 ක පමණ විශාල භූමියක් ඩෝසර් කොට විනාශ කර ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මේ විනාශය සිදු නොකරන ලෙස ප්‍රාදේශී ලේකම් කාර්යාලයට ගම්වාසීන් දැනුම්දුන් බවත් එහෙත් දේශපාලන බලය මත මේ විනාශය සිදුකළ බවද නිදන් සෙවීමේ අරමුණ ඇතිව වටිනා පුරාවිද්‍යාත්මක දේ විනාශ කළ බවට චෝදනා කරනවා.


දුටුගැමුණු එළාර යුද සමයේ සිට මෙම ස්ථානය පැවති බවත් එළාර දුටුගැමුණු යුද සමයේ සතුරන් එන ස්ථාන බැලීම සඳහා බැලුම්ගල නම් වූ ස්ථානය පිහිටා ඇති බවත් එම ස්ථානයේ පසුව විහාරාරාම කර සඟසතුකොට පූජා කළ ස්ථානයක් බව ප්‍රදේශපාසීන් පවසනවා.

පසුව අප මේ පිළිබඳව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියගෙන්  විමසීය. ඇය කියා සිටියේ නිවාස සංවර්ධන අධිකාරිය එම ඉඩම ලබා දුන් බවත් ඉඩම ලබා දෙන අවස්ථාවේ දී එම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බවට හඳුනාගෙන නොතිබූ බවත්, ඒබව හඳුනා ගැනීමත් සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට  ඒ බව දන්වා යැවූ බවත්ය. තමන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී විශාල වශයෙන් පුරාවස්තුවලට හානි සිදුකොට ඇති බවද සඳහන් කළා.