Saturday, September 21, 2024

General line - 0115112241

නිරිතදිග මෝසම කලින් එයි! අද සවසත් වැසි (UPDATE)




පවතින උණුසුම් කාලගුණ තත්ත්වය නිරිත දිග මෝසම සකි‍්‍රය වනතුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් එස්' පේ‍්‍රමලාල් පැවසුවේ සාමාන්‍යයෙන් මැයි මස 25 වනදා පමණ වනවිට නිරිත දිග මෝසම සකී‍්‍රය වන බවයි.

මෙවර ඊට දින කිහිපයකට පෙර නිරිත දිග මෝසම සකි‍්‍රය වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දිවයින ආශි‍්‍රත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලිකාරී තත්ත්වය හේතුවෙන් මේදිනවල වැසි අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වාඩුදරටත් පෙන්වා දුන්නා.

----------------------------------------

අද පස්වරුවේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි

05-05-2018 09:00

අද පස්වරුවේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සම්පූර්ණ කාලගුණ අනාවැකිය පහතින් පලවේ.