Saturday, September 21, 2024

General line - 0115112241

අමෙරිකාවේ රෝහලක් අංක එකට ඔසවා තැබූ ලාංකික වෛද්‍යවරිය




එක්සත් ජනපදය පුරා රෝහල් අතර සායනික ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ ඉහළම ජයග්‍රහණය, ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අධ්‍යක්ෂධූරය දරණ රොක් හිල්හි හෙල්ත් සවුත් සෞඛ්‍ය පුනරුත්ථාපන රෝහල අත්කරගෙන තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේදී මෙම සාර්ථකත්වය ලබාගැනීම සඳහා රෝහලක් විවිධ කාණ්ඩවලින් සාර්ථකත්වයට පත් විය යුතුය. රෝගී තෘප්තිය එහි ප්‍රධානම අංගයකි. ඔවුන්ට ලබා දෙන රැකවරණය, වෛද්‍යවරුන් සමඟ සහසම්බන්ධතාවය හා විසර්ජන සැලැස්ම පිළිබඳව ඔවුන්ගෙන් මෙම සමීක්ෂණයේදී විමසනු ලබනවා.

රොක් හිල් හි සෞඛ්‍ය සේවය ලබාගත් රෝගීන් 90% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිචාර මෙම ඇගයීමට හේතු කොට ගැනුණා. මෙහි තවත් සැලකිය යුතු ගුණාංගයක් වන්නේ සෞඛ්‍ය සංරක්ෂණය කිරීමයි. මෙම රෝහල රෝගියාගේ ආරක්ෂාව සඳහා කැපවුන අතර, රෝගීන්ට ඉහළම මට්ටමේ රැකවරණය ලබා දී සාමාන්‍ය ජීවිතය ගතකිරීමට නැවත යාමට ඉඩ සලසා දීම සහතික කිරීම විශේෂත්වයකි. රෝගීන්ට තම ඉලක්ක වෙත ළඟා වීම සහ ඔවුන්ගේ පවුල් වෙත තම නිවෙස් කරා යෑමට උපකාර කිරීම රෝහලේ අවසාන අරමුණයි.

ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන මාලිකා ජයසූරියගේ මෙහෙයවීම සහ උපදෙස් යටතේ සෞඛ්‍ය සම්පන්න රෝහලක් බවට රොක් හිල් නාමය පත්කොට රෝගීන්ගේ ඉහළ මට්ටමේ ප්‍රතිචාර මත ජයග්‍රහණය ලබා ගැනීම මෙහි විශේෂත්වයයි. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියකි. කොළඹ ජාතික රෝහලේ සහ මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසද ඇය සේවයකොට තිබෙනවා.