සිය ස්වාමි පුරුෂයා විසින් කතුරකින් ඇණ බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් තී්රකුණාමල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි කාන්තාවක්.
තී්රකුණාමලය පාලයුත්තු ප්‍රදේශයේ කාන්තාවකට කතුරකින් ඇන තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් ඊයේ (04) අලූයම 01ට පමණ පොලිස් ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් තුවාල ලබා සිටි කාන්තාව තී්රකුණාමලය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.