Saturday, September 21, 2024

General line - 0115112241

"මීට කලින් ගෘහස්ථ ක්‍රීඩාංගණවල එජාප මැයි රැළි පවත්වලා නෑ" - ඒකාබද්ධ විපක්ෂය කියයි

මේනකා රත්නායක




ප‍්‍රධාන පක්ෂවලට වර්තමානයේ දකුණේදී මැයි දින රැළියක් පැවැත්වීමට හෝ නොහැකි වී ඇති බව එ්කාබද්ධ විපක්ෂය පවසනවා.

මෙවර ද අතිසාර්ථකම මැයි දින රැළිය පවත්වන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ එ්කාබද්ධ විපක්ෂය බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම කියා සිටියේ.  

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "එක්සත් ජාතික පක්ෂයෙ මැයි රැළිය තියෙන්නේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක...ගෘහස්ථ ක්‍රීඩාංගණයක මැයි රැළිය පවත්වන එජාප ඉතිහාසයේ මේ පළවෙනි වතාව වෙන්න ඇති. මීට කලින් ගෘහස්ථ ක්‍රීඩාංගණවල එජාප මැයි රැළි පවත්වලා නෑ.  ශ්‍රීලනිප මැයි රැළිය තියෙන්නේ මඩකලපුවේ කොහෙදෝ තැනක. ඒක ප්‍රශ්නයක් නෑ. ශ්‍රීලනිපයට අත්වෙලා තියෙන ඉරණම මේ රටේ මිනිස්සු දන්නවා. ජවිපෙ එක අපි දැක්කා යාපනයේ තිබ්බා.." යනුවෙනි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ එ්කාබද්ධ විපක්ෂය සිය මැයි දින රැළිය හෙට (07) පවත්වන්නේ ගාල්ල සමනල කී‍්‍රඩාංගණයේදීයි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු 16 දෙනාද ඊට එක්වීමට නියමිත බවයි දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා කියා සිටියේ.