Saturday, September 21, 2024

General line - 0115112241

"සූදානමකුත් නෑ..ආරාධනයකුත් නෑ.." - 16 දෙනා වැට උඩ

මේනකා රත්නායක




ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු 16 දෙනා මීට පෙර කියා සිටියේ සිය කණ්ඩායම මඩකලපුවේ පැවැත්වෙන සිය පක්ෂයේ මැයි දින රැළියට එක් වන බවයි.  

එහෙත් ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරු 16 දෙනාද ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මැයි දින රැළියට එක්වීමට නියමිත බවයි. දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා. 

දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා සිදු කළ මෙම ප‍්‍රකාශය පිළිබඳව නෙත් නිවුස් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූයේ පාර්ලිෙමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපායි.

ඔහු සඳහන් කළේ "නැහැ එහෙම සූදානමක් නෑ..අපිට ආරාධනාවක් තිබුණෙත් නෑ.. සූදානමකුත් නෑ." යනුවෙනි.

ඒ අනුව ශ්‍රීලනිප මැයි දින රැළියට එක් වන්නේදැ කළ විමසීමේදී සඳහන් කළේ "ඒකටත් තව දවසක් තියෙනවානේ...මොකක්ද කරන්නේ කියලා කියන්න...ස්ථිර නිගමනයක් නෑ." යනුවෙනි.