Saturday, April 27, 2024

General line - 0115112241

"අප්‍රේල් සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5% ක බද්දක් අය කරලා"




රජය නව බදු පනත අනුව ළමා ඉතුරුම් ගිණුම්වලින් 5% ක බදු මුදලක් 2018 අප්‍රේල් පළමු වෙනිදා සිට ලබාගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිනී සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.

සිය සංවිධානය එම තීරණය තරයේ හෙළාදකින බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ඒ අනුව ළමා ඉතුරුම් ගිණුම් සඳහා ලැබෙන පොලියෙන් 5% ක මුදලක් රජය ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි පෙන්වා දෙන්නේ. 

ඉතිහාසයේ ප්‍රථම වතාවට ළමා ගිණුම් වලින් බදු ලබා ගන්නේ මෙම රජය බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

බඩු මිල සීඝ්‍ර ලෙස වැඩි කර ඇති මෙම අවස්ථාවේ මෙරට පාරිභෝගිකයා ජීවත් වන්නේ දැඩි අසීරුතා මධ්‍යයේ වූවද තම ළමයින්ගේ අනාගතය ගැන සිතා ඉපයීම් වලින් ළමයින්ගේ බැංකු ගිණුමේ මුදලක් තැන්පත් කිරීමට කටයුතු කරන බවත් එය ළමයින්ගේ අනාගතය සඳහා ඉතිරි කිරීමක් බවත් සඳහන් කරනවා.

ළමයාට වයස අවුරුදු 18 පිරෙන තුරු ළමා ගිණුමකින් මුදල් ලබා ගත නොහැකියි. ළමා ඉතුරුම් ගිණුම් වලින් රජය මෙසේ බදු ලබා ගැනීමට කටයුතු කළහොත් ජනතාවගේ ඉතුරුම් අඩු වීමටද හැකි බවයි පෙන්වා දෙන්නේ.

නව බදු පනත හදුන්වා දීමේදී රජය ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වලින් බදු ලබා ගන්නේ ලක්ෂ 15 කට වැඩි ගිණුම් වලින් පමණක්  වූවත් අප්‍රේල් මස සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමකින්ම බදු ලබාගෙන ඇති බවත් සඳහන් කර තිබෙනවා.

ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක රැදවුම් බද්ද ලබා ගැනීම වහා නවතන ලෙසයි පාරිභෝගික අයිතිනී සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සිය අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙන්නේ.