Sunday, April 28, 2024

General line - 0115112241

පාතාල නායකයාගේ විවාහයට සහ මධුසමයට පොලිස් ආරක්ෂාව දුන් ලොක්කෝ දෙන්නෙක්ගෙන් ප්‍රකාශ ගනී

හේමන්ත කහවලගේ




වත්තල ප‍්‍රදේශයේ පැවැති අලිවත්තේ අසිත නැමැති පාතාල නායකයාගේ විවාහ මංගල්‍යයට පොලිස් ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රධානීන් දෙදෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ මෝදර සහ වත්තල පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් වන බවයි වාර්තා වුණේ.

ඉකුත් දා පැවැති මෙම විවාහ මංගල්‍යයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ බුද්ධි වාර්තාද පදනම් කර ගනිමින්. තවත් පාතාල නායකයෙකු ලෙස සැලකෙන වැල්ලේ සුරංග විසින් සිදු කරනු ලැබූ මරණ තර්ජන ඊට හේතුවී තිබුණා. 

ඉකුත් දා මාධ්‍ය වාර්තා පළවී තිබුණේ විවාහ මංගල්‍යයට මෙන්ම මෙම පාතාල නායකයා මධු සමය ගත කළ හෝටල් පරිශ‍්‍රයටද පොලිස් ආරක්ෂාව ලබා දී තිබූ බවයි. මෙම සිද්ධිය ඉකුත් සමයේ සමාජ මාධ්‍ය තුළද දැඩි කථාබහට ලක්වුණා.