Saturday, September 21, 2024

General line - 0115112241

එජාපය ඇතුළෙන් කැරැල්ලක් ඇරඹෙයි

සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ කැරැල්ලක් මාතලෙන් ආරම්භ කර තිබෙනවා. එහි කැඳවුම්කරු රත්තොට ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක චමින්ද මණතුංග නෙත් නිවුස් වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරවීම මෙහි අරමුණ බවයි.

මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් අලූවිහාරේ ඇතුලූ පිරිසක් ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුමට සහභාගී වූයේ නැහැ. ඒ සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පල කරමින් සඳහන් කළේ "රාජ්‍ය ඇමතිකමක් විතරයි මාතලේ දිස්ත්‍රික්කයට ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. රාජ්‍ය ඇමතිකමක් තියාගෙන එජාපය මාතලේ ජයග්‍රහණය කරවීම සඳාහ පාක්ෂිකයින් විශාල කැපකිරීමක් කළා. එහෙම කරපු පාක්ෂිකයින්ට සාධාරණයක් කිරීමට පක්ෂයට හැකියාවක් නැති බව අපිට පේනවා. මේ පාර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදීවත් අපි බලාපොරොත්තු වුණා මාතලේට සාධාරණයක් වෙයි කියලා. නමුත් ඒකවුණේ නෑ. ඒ නිසා අපි තීරණය කළා එජාප මැයි රැළිය වර්ජනය කරන්න..පක්ෂ නායකත්වයට අපි අභියෝගයක් කළා. ඒ සාධාරණය අපිට ලැබෙනකම් මේ කැරැල්ල මාතලෙන් දියත් වෙයි." යනුවෙනි.

පක්ෂ නායකත්වයේද වෙනසක් අවශ්‍ය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එහිදී, "පක්ෂයේ නායකත්වය සහ වර්තමාන යාන්ත්‍රණය මගින් අපිට පේන්නේ පක්ෂය වලපල්ලට යන තත්ත්වයක්. අපිට ගමට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා. 2020 දී අපේ නායකයෙක් අපේ ආණ්ඩුවක් අපි හදන්න ඕනේ." යනුවෙන් සඳහන් කළා.