Saturday, September 21, 2024

General line - 0115112241

‘ඉන්න ටික රැක ගන්න’ - හිටපු ජනපති ශ‍්‍රිලනිපයට කියයි (PHOTOS)

හේමන්ත කහවලගේ /කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඉතිරි මන්ත‍්‍රීවරු පිරිස හෝ රැක ගැනීමට ජනාධිපතිවරයා අද (07) සිදු කළ ප‍්‍රකාශය හේතුවක් වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ගාල්ලේ දී පැවැත් වූ මැයි දින රැළිය අමතමින්.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වර්ථමාන ජනාධිපතිවරයා පක්ෂය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට බියක් දක්වන බවයි. එහෙත් තමන් ඇතුළු අනෙක් විපක්ෂයේ දේශපාලඥයින් සිරගත කිරීමට වෙසක් පෝය අප්‍රේල් මාසයට ගෙන ඒමට, මැයි මස 01 වෙනිදට යෙදී තිබෙන ජාත්‍යන්තර මැයි දින සැමරුම ලොව පළමු වතාවට මැයි 07වනදා දක්වා කල් දැමීමේ වැනි සිද්ධීන් සම්බන්ධයෙන් තින්දු තීරණ ගැනීමට කිසිදු බියක් නොදක් වන බවට වෝදනා එල්ල කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.

......................................................................................................................

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය ඇරඹෙයි 

(07-05-2018 14:59)

ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරෙමුණ සංවිධාන කරන මැයි දින රැළිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ගාල්ල සමනළ ක‍්‍රීඩාංගණයේදීයි. ඔවුන් සංවිධාන කළ මැයි පෙළපාලිය ආරම්භ වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසළින්. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.