කළ යුතු තවත් කටයුතු රැසක් ඇති බැවින් තමන් 2020 දී විශ‍්‍රාම නොයන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මඩකලපුව චෙන්කලාඩි ක‍්‍රීඩාංගණයේ අද පැවැත්වූ මැයි දින රැළිය අමතමින්.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූවා.
ඉදිරියේදී රට ගොඩනගන නව දේශපාලන වැඩපිළිවලක් හා පක්ෂය නව ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙන බවත් පක්ෂය ජනතාවාදී පක්ෂයක් බවට පත් කරන බව මෙහිදී ජනාධිපතිවරයා පැවසුවා.
එහිදී වැඩි දුරටරත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් මෙම මැයි රැලියේ වේදිකාවට පැමිණ සිටියේ එස් බී දිසානායක මන්ත‍්‍රීවරයා සහ සුමේධා ජී ජයසේන මන්ත‍්‍රීවරිය පමණයි. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ තිලංග සුමතිපාල මැයි රැළිය පැවැත්වෙන භූමියට පැමිණ සිටිය ද ඔවුන් වේදිකාවට ගොඩවූයේ නැහැ.
....................................................................................................................................
ශ‍්‍රිලනිප මැයි රැළිය ඇරඹීමට සියලූ කටයුතු සූදානම්
(07-05-2018 15:01)
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම් උළෙල ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ, මඩකලපුව චෙන්කලාඩි කී‍්‍රඩාංගණයේදීයි. නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.