කෙසෙල්වත්ත පොලිස් වසමේදී ඉකුත් පෙබරවාරි මාසයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මරදාන සෙක්කුවත්ත හංදිය අසලදීයි. සැකකරු අතින් මෙලෙස ඝාතනය වී තිබුණේ වෙඩි තබා තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදු කර පළා යමින් සිටි පුද්ගලයෙක්. කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලාධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.