Saturday, September 21, 2024

General line - 0115112241

වාහනවලට පෙර ග‍්‍රාමීය ආර්ථිකය සකසන්නැයි ජවිපෙන් අගමැතිට සිහිකැඳවීමක් (PHOTOS)

හේමන්ත කහවලගේ / ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂය තවත් අවුරුදු 50ක් රට පාලනය කළ ද ඔවුන්ට රටෙහි කිසිදු සංවර්ධනයක් සිදු කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ බී ආර් සී පිටියේ දී අද (07) පැවැත්වූ මැයි දින රැළියට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ රටේ දෛනික ආහාර අවශ්‍යතාවන් සඳහා අර්තාපල්, ලොකු ළුණු, සිනි සහ සහල් වැනි අවශයාතාවයන්  විදේශ රටවල් වලින් ගෙන ඒමට සිදුව ඇති කාලයක මෙරට කාර් නිෂ්පාදනය කිරීමට පෙර රටේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවිය යුතු බවයි. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක.  මෙරට ඉපදෙන දරුවන් 6 දෙනාගෙන් එක අයෙක් නියමිත බරෙන් යුක්ත නොවන බවත් ඝර්භණි මවුවරුන් ගෙන් වැඩි දෙනෙක් රක්තහිනතාවයෙන් පෙලෙන බවට ප්‍රකාශ කළා. මෙරට ළදරු මන්දපෝෂණය සහ රක්තහින්තාවය වර්ධනය වෙමින් පවතින බව සඳහන් කල මන්ත්‍රිවරයා එයට ප්‍රධාන හේතුව වන්නේ පවතින ආර්ථික ක්‍රමය තුල පෝෂදායි ආහාර වේලක් ගනිමෙට ඇති නොහැකියාව බව සඳහන් කළා. 

................................................................................................................

ජවිපෙ මැයි රැළිය නිසා දැඩි රථ වාහන තදබදයක්

(07-05-2018 16:22)

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මැයි රැළිය කොළඹ බී ආර් සී පිටියේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කැම්බල් පිටියෙන් ආරම්භ වූ ඔවුන්ගේ මැයි පෙළපාලිය මේ වනවිටත් බී ආර් සී පිටිය දක්වා ගමන් කරමින් පවතින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ජනතා විමුක්ති පෙරමුණේ මෙම මැයි රැළිය හේතුවෙන් ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවද පොලිසිය පැවසුවා.