Saturday, September 21, 2024

General line - 0115112241

16 කණ්ඩායමේ එස් බී හා සුමේධා ශ‍්‍රිලනිප මැයි රැළියේ

කසුන් කැලුම් / මේනකා රත්නායක




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම කුමන මැයි රැළියකට සහභාගී වන්නේදැයි අද දිනයේ කාගෙත් වැඩි අවධානයට ලක්වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් මෙම මැයි රැලියේ වේදිකාවට පැමිණ සිටියේ එස් බී දිසානායක මන්ත‍්‍රීවරයා සහ සුමේධා ජී ජයසේන මන්ත‍්‍රීවරිය පමණයි. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ තිලංග සුමතිපාල මැයි රැළිය පැවැත්වෙන භූමියට පැමිණ සිටිය ද ඔවුන් වේදිකාවට ගොඩවූයේ නැහැ.

මෙම මැයි රැළි සඳහා සහභාගී නොවූයේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී මන්ත්‍රීවරයා කිවේ තම කණ්ඩායම හෙට (08) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයේ දී විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳව සාකච්ජා කරන බවයි.