Saturday, September 21, 2024

General line - 0115112241

පස් කඳු කඩා වැටීමෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

සමන් පාලිත නානායක්කාර / යු එස් පී බණ්ඩාර




පස් කඳු  කඩා වැටීම හේතුවෙන් ඇල්ල - වැල්වාය මාර්ගය කරඳගොල්ල ප‍්‍රදේශයේ දී අවහිර වී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ප‍්‍රදේශයට නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මාර්ගයට පස් කඳු කඩා වැටී ඇති බවයි. 

මේ අතර අධික වර්ෂාවත් සමඟ වැල්ලවාය කිරිඳී ඔයේ ජල මට්ටම ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි ප‍්‍රකාශ කෙරුණේ. ඒ හේතුවෙන් වැල්ලවාය, ඇතිලිවැව, හඳපානාගල හා තණමල්විය ඇතුළු පහල ප‍්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට දැනුම් දීමක් ද කෙරෙනවා.