Saturday, September 21, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමති තීරණය ගැනීමට පෙර ඉහළ නිලධාරීන් සමග කතා කරයි

සජිත් තිලකරත්න




තාවකාලිකව රාජකාරී අත්හිටවූ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් බුවනෙක හේරත් පිළිබඳව අවසන් තීරණයක් අද (08) ගන්නා බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසනවා.

නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ රාජකාරී තාවකාලිකව අත්හිටුවීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේ ඉකුත් සෙනසුරාදායි. ඒ, දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක‍්‍රීඩා උළෙල සඳහා එක් වූ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන්ට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි අයුරින් සැලසීමට අපහොසත් වීම හේතුවෙන්.