Saturday, September 21, 2024

General line - 0115112241

දුමින්ද 'ෆොන්සේකාට' එරෙහිව නැගී සිටියි

හේමන්ත කහවලගේ




අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබා දුන් අමාත්‍ය ධූරයෙන් ඔහුව ඉවත් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉකුත් දා එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට එක්වෙමින් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපතිවරායා විවේචනයට ලක් කිරීම ඊට හේතුවයි.

අමාත්‍ය දුමින්ද දිසානායක,  එක්සත් ජාතික පකෂයේ හිටපු සභාපති මලික් සමරවික‍්‍රමට මේ පිළිබඳව දන්වා තිබෙනවා. එහිදී මලික් සමරවික‍්‍රම ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඒ අනුව දුමින්ද දිසානායක අමාත්‍යවරයා, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග කළ සාකච්ඡාවකදී ඉල්ලා ඇත්තේ සරත් ෆොන්සේකා නව අමාත්‍යධූරයෙන් ඉවත් කරන ලෙසයි.