Saturday, September 21, 2024

General line - 0115112241

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් (UPDATE)




රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව විසුරුවා හැරිම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ලකොට තිබෙනවා.

-----------------------------------

විරෝධතාවයක් නිසා කොළඹ ලෝටස් පාර සෙරමික් හන්දියෙන් වැසේ

08-05-2018 13:01

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොටුව ලෝටස් පාර සෙරමික් හන්දිය අසලින් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රියදුරන්ට රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග බාවිතා කරන ලෙසයි.

-----------------------------

කොටුවේ දැඩි වාහන තදබදයක්

(08-05-2018 11:29)

 

රැකියා විරහිත උපාධීධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොටුව දුම්රියපොළ අවට දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.