Monday, April 29, 2024

General line - 0115112241

ව්‍යාජ ලියාපදිංචි පොත් සකස් කර වාහන උකසට තැබූ ජාවාරමක් හෙළිවෙයි




රථවාහන සඳහා ව්‍යාජ ලියාපදිංචි පොත් සකස් කර එම පොත් උකසට තබා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු මොණරාගල හුලංදාව ප‍්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මොණරාගල විශේෂ අපරාධ ඒකකයට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදීයි. ඔවුන් සතුව තිබී යතුරු පැදියක් සහ ව්‍යාජව සකස් කරන ලද රථ වාහන ලියාපදිංචි සහතික තොගයක්ද සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. 

වාහන අයිතිය පැවරීමේ ප‍්‍රකාශිත පෝරම සහ පරිගණක 02ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 සහ 24 යන වයස් සීමාවල පසුවන රත්නපිටිය හා මොනරාගල යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්. සැකකරුවන් දෙදෙනා මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.