Monday, April 29, 2024

General line - 0115112241

පැය 7ක් විමසිලිමත්ව සිටින්න - කාලගුණයගැන අනතුරු ඇඟවීමක්




මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගගනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොලොන්නරුව, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මහජනතාව ඉදිරි පැය කිහිපය තුළ (පැය හතක පමණ කාලයක් සඳහා) විමසිලිමත් වන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ගිගිරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගිරුම් ඇතිවීමේ හැකියාව පවතින බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි බලාපොවරොත්තු වේ. ගිගිරුම් සහිත වැසි සමග පැ.කි.මී. 70-80 ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අද (08) ප.ව. 04.00 ට මෙම නිවේදනය නිකුත්කොට තිබෙනවා.