Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාව පැන යද්දී ඕස්ට්‍රේලියාවේ පිහිටට ශ්‍රි ලංකාව එයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට සුදානම් කර තිබු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. 

එළඹෙන දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඇඩිලේඩ් හිදී පැවැත්වීමට යෝජිත දිවා/රාත්‍රී තරගය සාමාන්‍ය ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙනු ඇති.

2015 වසරේ සිට දිවා/රාත්‍රී ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කර ඇති ඕස්ට්‍රේලියානු පිල ඉන් තරග 03ක් ජයගෙන ඇති අතර, එම තරග 03 ම ක්‍රීඩා කර ඇත්තේද ඇඩිලේඩ් හිදියි.

මෙතෙක් රෝස පැහැති පන්දුව යොදා ගනිමින් දිවා/රාත්‍රි ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැති ඉන්දියානු පිල මෙවර ඕස්ට්‍රේලියානු සංචාරයේදී සිය පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලබා ගැනීමේ අදහසින් සිටින බැවි පෙනීයන නිසා දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට මැලිකමක් දක්වන බවයි ක්‍රිකට් විශ්ලේෂකයින් පවසන්නේ.

ඇඩිලේඩ් හි පැවැත්වීමට යෝජනා කර තිබෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගය සඳහා තම කණ්ඩායම සුදානම් නැති බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තමන් වෙත දන්වා එවූ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානි ජේම්ස් සදර්ලන්ඩ් ප්‍රකාශ කර සිටියා.

ඔවුන්ට නිසැකවම අවශ්‍යව ඇත්තේ අපව පරාජය කිරීමටයි. දිවා/රාත්‍රී තරග වලදී අප ඉදිරියෙන් සිටින බව ඉන්දියාව දැනුවත් යැයි මෙහිදී ජේම්ස් සදර්ලන්ඩ් කියා සිටියා.

ඉන්දියාවට අවශ්‍ය නොවුනත් 2019 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමග බ්‍රිස්බෙන්හිදී දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා කියා සිටියා.