ඉන්ධන මිල වැඩිවීමත් සමග බස් ගාස්තු වැඩි කළ යුතුද යන්න සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගාස්තු වැඩි නොකළහොත් ලංගමය යළි පාඩු ලබන ආයතනයක් වනු ඇති බවයි.
ඉකුත් වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 12කට ආසන්න ලාභයක් ඉපයූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එය කිලෝ මීටරයකට රුපියල් 09.66ක්.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෛනිකව ධාවනය වන දුර ප්‍රමාණය කිලෝ මීටර් මිලියන 1.28කට ආසන්නයි.
ධාවනය වන බස් රථ සංඛ්‍යාව 5,400ක්. ඒවා වෙනුවෙන් දිනකට ඩීසල් ලීටර් තුන් ලක්ෂ හැත්තැ පන් දහසක් අවශ්‍ය බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.
මෙරට ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සියයට 45ක් සම්පූර්ණ කරන්නේ ලංගම බස් රථයි. ඉන් බහුතරය ග්‍රාමීය ප්‍රදේශවල කි‍්‍රයාත්මකයි.
එබැවින් සහනාධාරයක් ලබා දෙන්නේ නම් බස් ගාස්තු වැඩිකිරිමක් අවශ්‍ය නොවන බවයි ලංකා ගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මේ අතර පෞද්ගලික බස් සමාගම් පවසන්නේ සියයට 10ත් 20ත් අතර බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවයි. එසේ නොවන්නේ නම් ලබන බ්‍රහස්පතින්දා සිට ධාවනයෙන් ඉවත් වන බවටයි දැනටමත් ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.