Sunday, May 12, 2024

General line - 0115112241

හැරී සහ මේගන්ගේ රාජකීය විවාහය  (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හැරී සහ මේගන් මර්ක්ලේ ගේ රාජකීය විවාහ උත්සවය සජීවීව නැරඹීමට.

 

.................................................................................................................................................................

හැරී සහ මේගන්ගේ රාජකීය විවාහයේ සුදානම (PHOTOS)

(19-05-2018 14:07)

බ්‍රිතාන්‍ය රජ කිරුළේ 6 වන උරුමක්කාරයා ලෙස සැලකෙන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේව්ඩ් හෙවත් "හැරී" කුමරුගේ සහ ඔහුගේ පෙම්වතිය වන මේගන් මාර්ක්ලේ ගේ විවාහය දැකබලා ගැනීම සඳහා මිලියනයකට අධික ජනකායක් බ්රේක්ෂයර් නගරයේ පිහිටි වින්ඩ්සර් මාලිගයේ, සාන්ත ජෝර්ජ් දේවස්ථානය අසල එක්රැස් වී සිටිනවා.

මිට අමතරව අද (19) පැවැත්වීමට නියමිත හැරී සහා මේගන්ගේ රාජකීය විවාහය සඳහා ආරාධනා ලබා සිටින 800 කට ආසන්න ආරාධිත අමුත්තන් අතරට රාජකීය පවුලේ ලගම ඥාතින් කිහිප දෙනෙකු ඇතුලත් නොවන බවට වාර්තා වනවා.

මේ ආතර සාම්ප්‍රදායික වශයෙන් විවාහ මංගල උත්සවයේදී මනමාලිය දේවස්ථානය සඳහා කැදවා ගෙන යාම සඳහා ඇයගේ පියා හෝ ඒ හා සමාන වැඩිහිටියෙක් සිටිය යුතු වුවත් මේගන් මාර්ක්ලේ ගේ පියා විසින් තමන්ට ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් විවාහ උත්සවයට පැමිණීමට නොහැකි බව දන්වා තිබනෙවා. ඒ අනුව මේගන් මාර්ක්ලේව දේවස්ථානය තුලට සාම්ප්‍රදායික වශයෙන් කැදවා ගෙන යාම සඳහා ඉදිරිපත්ව ඇත්තේ "හැරී කුමරුගේ" පියා වන චාල්ස් කුමාරයා බවටයි වාර්තා වන්නේ.

අමෙරිකානු ජාතික රංගන ශිල්පිනියක් වන මේගන් මාර්ක්ලේ මිට පෙර විවාහ වී ඉන් දික්කසාද වූ කාන්තාවක් වනවා. ඇය මිට පෙර විවාහ වී සිටියේ අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ට්‍රෙවර් එන්ග්ලෙසන් සමගයි. වසර 02 ක විවාහ ජිවිතයට තිත තබමින් ඔවුන් 2013 වසරේදී වෙන්වුනා. 

හැරී කුමරු විවාහ කර ගැනීමට යන මේගන් මාර්ක්ලේ ඔහුට වඩා වසර 03 කින් වැඩිමහල් කාන්තාවක් වනවා. හැරී කුමරු ඉපදී ඇත්තේ 1984 වර්ෂයේ සැප්තැම්බර් 15 වනදා අතර මේගන් මාර්ක්ලේ ඉපදී ඇත්තේ 1981 වර්ෂයේ අගෝස්තු 04 වෙනිදායි.

හැරී කුමරුගේ විවාහය සිදුවන සාන්ත ජෝර්ජ් දේවස්ථානය පිහිටි වින්ඩ්සර් මාලිගය අවට මේ වන විට දැඩි ආරක්ෂක මුරකාවල යොදා තිබෙන  අයුරු දකගන්නට ලැබුනා.

සබැදි පුවත් 

රාජකීය මංගල්‍යට සංගීතය සපයන 19 හැවිරිදි කළු ජාතික තරුණයා 

රජ මගුල අද